How to install an OS in a virtual machine and run inside windows(ඕනෙම operating system එකක් virtual machine එකක install කරලා windows ඇතුලෙම run කරන්නේ මෙහෙමයි)

  

මෙන්න අදත් මම ගේනවා පට්ට පට පට වැඩ කැල්ලක් .මේකෙන් අපිට පුළුවන් අපේ windows දාල තියන computer එකේම format නොකර windows ඇතුලෙම ඉදගෙන වෙනත් OS එකක් install කරගන්න.කොහොමද වැඩේ ගොඩ නේද?ඔයාට මේකට ඕනේ වෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි.


  • Virtual Box software
  • Windows හරි ඔයා install කරන්න හදන OS එකේ හරි image file එක (with setup files)
  • Hard එකේ සහ Ram එකේ ප්‍රමාණවත් ඉඩක්
 
Virtual Box software එක download කරගත්ත නම් එක මුලින්ම install කරගෙන ඉන්නකෝ.








 ඔන්න දැන් හරි.දැන් මේ මම කියන පිළිවෙලට කරන්න.
  • මුලින්ම virtual box open කරගෙන එකේ New button එක click කරන්න.එතකොට මේ window එක එනවා


 

  • ඊටපස්සේ  Virtual Machine එකට name එකක් දෙන්න.ඔබ කැමති නමක්.OS   type එක select කරන්න ඔයා install  කරන OS එක අනුව.ඔබ VM name එක විදිහට Windows 7 කියල දුන්නොත් OS type එක windows 7 කියල automatically change වෙනවා.ඊටපස්සේ එන පහත window එකෙන් Ram amount එක select  කරලා Next කරන්න.

  • ආයේ Next කරන්න virtual disk එක create කරගන්න.
 
 




  • එතකොට මේ පහත අකාරයේ අලුත් window එකක් එනවා.මේකෙ Dynamically expanding storage select කරලා  Next කරන්න.

  • ආයේ Next කරන්න.දැන් එන window එකෙන් අවශ්‍ය hard disk capacity ප්‍රමාණය ලබාදී next කරන්න.ආයේ next කරලා finish click කරන්න. 




ඔන්න දැන් වැඩේ හරි දැන් ඔබේ අලුත් VM එක උඩ double click කරන්න.එතකොට first run wizard එක එනවා.




මේ wizard එක සම්පුර්ණ කලට පස්සේ ඔන්න normal විදිහට අර OS එක install වේවි.හොදයි නේද වැඩේ ?මේ post එක office එකේ ඉන්න ගමන් ඔන්න දැම්මේ free වෙලාවක.මොනවහරි නොතේරෙන තැනක් තියේනම් අහන්න.එහෙනම් සුබ දවසක්