Windows god mode (මොකක්ද බොලේ මේ Windows වල God Mode කියන්නේ)



God Mode කියන්නේ operating system  එකේ features and functions වලට කෙලින්ම ප්‍රවේශ වීමට Windows 7 වල සාමාන්‍යයෙන් සැගවී තිබෙන developer shortcut එකක්.
සරලව කිව්වොත් God Mode කියන්නේ පරිගණකයේ ඕනෙම තැනක සාදන ලද Folder එකක් තුල, සාමාන්‍යයෙන් අපිට Control Panel  එකෙහි දැකීමට ඇති Administrative Options වලට වඩා වැඩි යමකට සරලව ප්‍රවේශ වීමට අප විසින්ම සකසා ගන්න විධානයක් කිව්වොත් හරි.Master Control Panel විවෘත කරන ක්‍රමය.මේකත් සුපිරි වැඩක් තමයි.User Account එක Administrator බලතල තියෙන්න ඕනේ
කොහොමද අපි මේ God Mode එක activate කරගන්නේ?ඔන්න එහෙනම් බලාගන්නකෝ.
  • කැමති ඕනෙම තැනක මුලින්ම අලුත් folder එකක් හදාගන්න
  • ඒ folder එක මේ පහල තියන විදිහට rename කරගන්න.ඒ කියන්නේ God Mode කියල type කරලා dot එකක් තියල ඊටපස්සේ මේ text string එක type කරගෙන enter කරන්න 

Windows 7 සහ Windows Vista සඳහා    -  God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
Windows XP සඳහා                                     -  God Mode.{21ec2020-3aea-1069-a2dd-08002b30309d}







  • ඔන්න දැන් අපේ වැඩේ හරි.God Mode එක active 



God Mode එක open කලාම අපිට සේරම administrative options දැකගන්න පුළුවන්. 







හොදයි නේද වැඩේ? Try කරලා බලමුකෝ එහෙනම් කට්ටිය.මම ගොහින් එන්නම්